සිරස්තල
sri-lankan-hidrabad-lanka-aviation-news

LTTE සමාගමකට ශ‍්‍රීලංකන් විකුණන්න යයි?

06 Apr, 2019, No comments

ශ‍්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ඉදිරි සතිය තුළ තීරණාත්මක සන්ධිස්ථානයකට මුහුණ දෙන බවත්, ඒ අනුව ශ‍්‍රී ලංකන් ගුවන් සේවය එල්. ටී. ටී. ඊ. මුදල් ප‍්‍රතිපාදන යටතේ ක‍්‍රියාත්මක වන ලයිකා මොබයිල් ආයතනය වෙත විකුණා දැමීම සදහා වූ කැබිනට් පත‍්‍රිකාව ආණ්ඩුව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත්, ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජේපතිරත්න මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසූවේ කටුනායක ගුවන් තොටුපළ ඉදිරිපිට ඉම්පීරියල් හෝටලයේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාව සඳහා ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ නිලධාරීන් මෙන්ම ශ‍්‍රී ලංකන් කේටරින් ආයතනයේ වෘත්තීය සමිති නිලධාරීහු ද එක් වී සිටියහ.

මේ සඳහා මූලික පියවරක් ලෙස ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ පවතින විවිධ දෙපාර්තමේන්තු අතරින් වඩාත්ම ලාභදායී දෙපාර්තමේන්තු දෙක වන ශ‍්‍රී ලංකා කේටරින් සහ සේවා අංශය ශ‍්‍රී ලංකන් ගුවන් සේවයෙන් ඉවත් කර ඒවා ලයිකා මොබයිල් ආයතනයට විකුණා දැමීමට පිඹුරුපත් දැනට සකසා ඇති බවත්, මේ නිසා ශ‍්‍රී ලංකන් ගුවන් සේවය නිකම්ම ඇදවැටී බංකොළොත් වන බවත් සභාපතිවරයා පැවසීය.

එමෙන්ම මේ වනවිට ලයිකා මොබයිල් ආයතනය ද දැනට ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ සිටින වඩාත් අත්දැකීම් සහිත ගුවන් සේවා නිලධාරීන් පිරිසක් ද තම ඉදිරි සේවා කටයුතු සඳහා බඳවා ගෙන ඇති බව ද ඔහු කීවේය.

මෙම ගනුදෙනුව පිටුපස 1998 දී ශ‍්‍රී ලංකන් ගුවන් සේවය එමිරේට්ස් සමාගමට විකුණා දැමීම සදහා මුල් වූ රටේ උසස්ම තනතුරක් දැරූ කාන්තාවක් මෙන්ම වත්මන් මුදල් අමාත්‍යාංශයේ උපදේශකවරයකු ද සිටින බවද සභාපතිවරයා පැවසීය.

වර්තමාන රජය ශ‍්‍රී ලංකන් ගුවන් සේවය රැකගැනීම සහ දියුණු කිරීම සඳහා කිසිවක් නොකළ බවත්, ඒ වෙනුවට පසුගිය රජයේ ක‍්‍රියාකලාපය විවේචනය කරමින් සිටීම පමණක් සිදු කළ බවත් පැවසීය. මේ නිසා පසුගිය වසර 10 ක කාලයේ ද ශ‍්‍රී ලංකන් ගුවන් සේවය ලැබූ අලාභය රුපියල් බිලියන 85 ක් බවත්, එහෙත් වත්මන් රජය යටතේ මෙම පසුගිය වසර 4 ක අලාභය රුපියල් බිලියන 100 ක් බවත් පැවසීය.

මෙවැනි විශාල අලාභයක් ලැබීමට ප‍්‍රධාන වශයෙන් කරුණු 03 ක් හේතු වූ බවත්, මෙයින් පළමු වැන්න පසුගිය වසර 4 ක කාලයේදී අමාත්‍යාංශ 04 ක් යටතේ , අමාත්‍යවරුන් 08 දෙනකු යටතේ විධායක නිලධාරීන් 04 දෙනකු සහ සභාපතිවරුන් 03 ක් යටතේ ආයතනය පාලනය කිරීමට සලස්වා තිබීම බවද ඔහු පැවසීය.

දෙවැනි කරුණ වන්නේ පසුගිය රජය සමයේ ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සඳහා මිලදී ගැනීමට සැලසුම් කළ පුළුල් බඳ සහිත නවීනතම ඒ.- 350 එයා බස් ගුවන් යානා ගනුදෙනුව අහෝසි කිරීම තුළින් පැරණි ගුවන් යානා ගුවන් සේවයට එක් වූ අතර, ප‍්‍රංශයේ එයා බස් සමාගමට වන්දි මුදල් ගෙවීමට සිදුවීම බවත් පැවසීය.

මීට අමතරව මෙම තත්ත්වයන් නිසා ඒ.- 330 එයා බස් ගුවන් යානා දෙකක් සේවයේ නොයොදවා අතිරික්තව පවතින බවත්, එම ගුවන් යානා සඳහා ද ලීසිං වාරික ගෙවීමට සිදු වී ඇති බවත් ඔහු කීවේය.

මෙහිදී අදහස් දැක්වූ ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් හසන්ත යසරත්න මහතා,

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය මෙසේ ඉදිරි සතියේ දී රජය විසින් ලයිකා මොබයිල් ආයතනය වෙත විකිණීමට තැත් කළහොත්, තමන් ශ‍්‍රී ලංකාවට ඇති ජාත්‍යන්තර දොරටුව එනම් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වසා දැමීමට පසුබට නොවන බව පැවසීය.

මේ සඳහා තමන් සමග ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සියලූ වෘත්තීය සමිතිවලට අනුයුක්ත සේවකයින් 8,000 ක් දෙනා ද ඉදිරිපත් වන බවත් ඔහු පැවසීය.

– divaina

ප‍්‍රතිචාර

ප‍්‍රධාන පුවත්

Facebook



වීඩියෝ

වෙනත් පුවත්

විදෙස් පුවත්

  • wow air

    වාවූ ගුවන්...

    04 Apr, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අයිස්ලන්තයේ වාවූ එයාර් ගුවන් සමාමේ...

  • chairman-jetairways

    අර්බුදයට ලක්වූ...

    31 Mar, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති ඉන්දියානු ජෙට් එයාර්වේස් ගුවන් සමාගමේ...

  • man-missed-ethiopian-airlines-flight

    ඉතියෝපියානු ගුවන්...

    13 Mar, 2019, No comments

    ඉතියෝපියානු ගුවන් සේවයට අයත් යානයක් අනතුරට පත්වීමෙන් සිදුවූ අනතුරේදී...

  • Boeing-737-MAX-8

    බෝයිං 737...

    13 Mar, 2019, No comments

    බෝයිං 737 මැක්ස් වර්ගයේ යානා භාවිතය නතර නොකරන...

විශේෂාංග

  • female-aircraft-engineer-srilankan-airlines-lanka-aviation-news

    ශ්‍රී ලංකාවේ...

    08 Apr, 2019, No comments

    තනියම ගුවන් යානයක් ගෙන ගිය ශ්‍රී ලංකන් ගුවන්...

  • Capture-696x390

    ඇමරිකාවේ ගුවන්යානා...

    01 Apr, 2019, No comments

    දුර්ලභ බෝයිං 747 වර්ගයේ අධි සුඛෝගබෝගී ගුවන් යානයක්...

  • image_6033f02f35

    මරණය දැක...

    16 Mar, 2019, No comments

    පසුගියදා අනතුරට ලක්වුණු ඉතියෝපියානු ගුවන් යානයේ වීඩියෝ රූප...