සිරස්තල
16725017677_c86c7b4038_b

ශ‍්‍රී ලංකන් ගුවන් යානා ඇණිය නවීකරණයට උපදෙස් ගන්න ඩොලර් ලක්‍ෂ 6 ක්

21 Mar, 2019, No comments

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන ගණන් පාඩු ලබමින් සිටියදී ගුවන් යානා ඇණිය නවීකරණය කිරීමේ උපදේශන කටයුතු වෙනුවෙන් සීබරි නම් විදේශීය සමාගමකට ඇමරිකානු ඩොලර් 600,000 ක පමණ විශාල මුදලක් ගෙවා ඇතැයි ඊයේ (19* ශ‍්‍රී ලංකන් – මිහින් ලංකා ජනාධිපති කොමිසමේ සාක්ෂි විභාගයේදී අනාවරණය විය.

මීට පෙර වයා කැපිටල් නම් තවත් සමාගමක් මගින් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට ව්‍යාපාර සැලැස්මක් සකස් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 450,000 ක පමණ විශාල මුදලක් ගෙවා තිබූ බව ද කොමිසමේදී හෙළි විය.

එහෙත් එම සමාගමට ගුවන් යානා ප‍්‍රසම්පාදන කටයුතු ගැන දැනුමක් නොතිබූ බවත් සීබරි සමාගමට එම තාක්ෂණික දැනුම තිබූ බවත් ඊයේ (19 දා* ශ‍්‍රී ලංකන් – මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ මුල්‍ය කළමනාකරණ අංශ ප‍්‍රධානී යසන්ත දිසානායක මහතා කීවේය.

ජනාධිපති නීතිඥ නීල් උනම්බුව මහතා විසින් අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් සීබරි සමාගම ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට ඒ 350-900 ගුවන් යානා හතරක් ගැනීමට යෝජනා ඉදිරිපත් කළ බව ද ඔහු කියා සිටියේය.

මේ අවස්ථාව වන විට 2011 වර්ෂයේදී ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් කෝටි 1976ක් පාඩු ලබා සිටි බවද සාක්ෂිකරු පිළිගත්තේය.

මේ ගුවන් යානා මිලදී ගැනීමේ අධ්‍යක්ෂ මණ්ඩල පත‍්‍රිකාව ඉදිරිපත් කරන විට මේ අලාභ තත්ත්වයන් ගැන සමාගමේ අය දැන සිටි බවද ඒ අවස්ථාව මෙවැනි ඒ 350-900 ගුවන් යානා මිලදී ගැනීමට තබා අඩු තරමේ ඒ ගැන සලකා බැලීමටවත් හැකි අවස්ථාවක්දැයි මෙහිදී ජනාධිපති නීතිඥ නීල් උනම්බුව මහතා සාක්ෂිකරු ගෙන් ප‍්‍රශ්න කළේය.

මේ සම්බන්ධයෙන් සාකච්ජා කළේ සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා බවද සාක්ෂිකරු කීවේය.

එහෙත් වයා කැපිටල් සමාගමේ ව්‍යාපාර සැලැස්මේ මෙවැනි යෝජනාවක් නැති බවද සාක්ෂිකරු කොමිසම අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවේය.

ජනාධිපති නීතිඥ නීල් උනම්බුව මහතා ඇතුළු නීතීඥ මණ්ඩලයක් රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටියි.

කොමිසම ඊයේ (19 දා* උදේ 10.30ට පමණ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැුස්විය.

දිවයින

ප‍්‍රතිචාර

ප‍්‍රධාන පුවත්

Facebook



වීඩියෝ

වෙනත් පුවත්

විදෙස් පුවත්

  • wow air

    වාවූ ගුවන්...

    04 Apr, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අයිස්ලන්තයේ වාවූ එයාර් ගුවන් සමාමේ...

  • chairman-jetairways

    අර්බුදයට ලක්වූ...

    31 Mar, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති ඉන්දියානු ජෙට් එයාර්වේස් ගුවන් සමාගමේ...

  • man-missed-ethiopian-airlines-flight

    ඉතියෝපියානු ගුවන්...

    13 Mar, 2019, No comments

    ඉතියෝපියානු ගුවන් සේවයට අයත් යානයක් අනතුරට පත්වීමෙන් සිදුවූ අනතුරේදී...

  • Boeing-737-MAX-8

    බෝයිං 737...

    13 Mar, 2019, No comments

    බෝයිං 737 මැක්ස් වර්ගයේ යානා භාවිතය නතර නොකරන...

විශේෂාංග

  • female-aircraft-engineer-srilankan-airlines-lanka-aviation-news

    ශ්‍රී ලංකාවේ...

    08 Apr, 2019, No comments

    තනියම ගුවන් යානයක් ගෙන ගිය ශ්‍රී ලංකන් ගුවන්...

  • Capture-696x390

    ඇමරිකාවේ ගුවන්යානා...

    01 Apr, 2019, No comments

    දුර්ලභ බෝයිං 747 වර්ගයේ අධි සුඛෝගබෝගී ගුවන් යානයක්...

  • image_6033f02f35

    මරණය දැක...

    16 Mar, 2019, No comments

    පසුගියදා අනතුරට ලක්වුණු ඉතියෝපියානු ගුවන් යානයේ වීඩියෝ රූප...