සිරස්තල
SriLankan Airlines regains A320-A321neo ETOPS certification

ශ‍්‍රීලංකන් 2011 දී නීතියට පිටින් ගුවන් සේවා උපදේශකයකු පත් කරගෙන කොමිසමේදී හෙළිවෙයි

22 Feb, 2019, No comments

ශ‍්‍රීලංකන් ගුවන් සමාගමේ ඉහළ කළමනාකරණය විසින් වර්ෂ 2011 දී එහි ප‍්‍රසම්පාදන මාර්ගෝපදේශය කඩ කරමින් ජාත්‍යන්තර ගුවන් සේවා උපදේශකයකු පත් කරගෙන ඇති බව ඊයේ (20 දා) ශ‍්‍රීලංකන් – මිහින් ලංකා ජනාධිපති කොමිසමේ සාක්‍ෂි විභාගයේදී අනාවරණය විය.

ශ‍්‍රීලංකන් ගුවන් සමාගමේ මූල්‍ය අංශ ප‍්‍රධානී යසන්ත දිසානායක මහතා ඊයේ කොමිසම හමුවේ සාක්‍ෂි දුන් අතර ඔහුගේ සාක්‍ෂි විභාගයේදී මේ බව අනාවරණය විය.

වර්ෂ 2011 දී ශ‍්‍රීලංකන් ගුවන් සමාගමේ ඉහළ කළමනාකරණය විසින් ප‍්‍රධාන විධායක නිලධාරි කපිල චන්‍ද්‍රසේන මහතා තමා සහ තවත් දෙදෙනකුගෙන් සමන්විතව වයා කැපිටල් නම් සමාගම විසින් සකස් කරන ලද ව්‍යාපාර සැලැස්ම සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පත් කළ බව ද සාක්‍ෂිකරු කොමිසමට කීවේය.

සමාගමේ ප‍්‍රසම්පාදන මාර්ගෝපදේශය අනුව ප‍්‍රසම්පාදන කමිටුවක් පත් කළ යුත්තේ අධ්‍යක්‍ෂ මණ්ඩල අනුමැතිය ලබා ගැනීමෙන් පසුව බව ද, එහෙත් මේ කමිටුව පත් කිරීමේදී එය සිදුව නැති බව ද කොමිසමේදී අනාවරණය විය.

එම කමිටුව මගින් ගුවන් සේවා උපදේශන ආයතන හතරක් තෝරා ගෙන තිබූ බවද, එම සමාගම් තෝරා ගැනීමේදී එම තීරණය ගෙන තිබුණේ කපිල චන්‍ද්‍රසේන සහ දිසානායක යන මහත්වරුන් විසින් අනෙකුත් කමිටු සාමාජිකයන්ගේ අදහස් විමසීමකින් තොරව බවට ද ඊයේ සාක්‍ෂි විභාගයේදී තවදුරටත් අනාවරණය විය.

දිවයින

ප‍්‍රතිචාර

ප‍්‍රධාන පුවත්

Facebook



වීඩියෝ

වෙනත් පුවත්

විදෙස් පුවත්

විශේෂාංග

  • image_6033f02f35

    මරණය දැක...

    16 Mar, 2019, No comments

    පසුගියදා අනතුරට ලක්වුණු ඉතියෝපියානු ගුවන් යානයේ වීඩියෝ රූප...

  • asian-aviation-centre-lanka-aviation-news

    ඒෂියන් ගුවන්...

    24 Feb, 2019, No comments

    ඒෂියන් ඒවිඒෂන් ගුවන් පුහුණු පාසල (Asian Aviation Centre)...

  • sri-lanka-air-force

    ශ්‍රී ලංකා...

    11 Feb, 2019, No comments

    ගුවන් යානා තාක්ෂණය පිළිබඳව මනා දැනුමක් ඇති ගුවන්...