සිරස්තල
sri-lanka-air-force

ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් යානයක් නිපදවන්න සූදානම්

11 Feb, 2019, No comments

ගුවන් යානා තාක්ෂණය පිළිබඳව මනා දැනුමක් ඇති ගුවන් හමුදා නිලයන්්ගේ සහායෙන් මෙම වසර තුළදී ගුවන් යානයක්

නිෂ්පාදනය කිරීමට ගුවන් හමුදාව මේ වන විට මූලික අඩිතාලම යොදා ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් ගිහාන් සෙනවිරත්න මහතා පැවැසීය.

එකී වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මේ වන විට අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් පවතින බවද ඊට අවශ්‍ය අනුමැතිය ලද සැණින් එකී ගුවන් යානය නිෂ්පාදනය කිරීමේ කාර්යය ආරම්භ කිරීමට ගුවන් හමුදාව සූදානමින් සිටින බවද ඒ මහතා කීය.

ගුවන් යානා නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක් මෙරට තුළ නොමැති නමුත් ගුවන් යානා නඩත්තු කිරීම පිළිබඳව මනා පළපුරුද්දක් ඇති ගුවන් හමුදා නිලයන් බොහෝ පිරිසක් ගුවන් හමුදාව තුළ සේවයෙහි යෙදී සිටින බැවින් නව ගුවන් යානයක් නිෂ්පාදනය කිරීමට පහසුවෙන් හැකියාව ලැබෙන බවද ඒ මහතා පැවැසීය.

දෙදෙනකුට පමණක් ගමන් කළ හැකි කුඩා ගුවන් යානයක්

පළමුවෙන් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවද ඉන් පසුව ඊට වඩා වැඩි පිරිසකට ගමන් කළ හැකි ගුවන් යානයක්

නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා කීය. ගුවන් ධාවන පථයක් ඇති ගුවන් හමුදා කඳවුරක් තුළ එකී නව ගුවන් යානය නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවද ඊට අවශ්‍ය සැකිලි හා උපාංග මෙරට තුළදීම නිෂ්පාදනය කර ගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවද ඒ මහතා පැවැසීය.

විදේශීය රටවලින් ගුවන් යානා මිලදී ගැනීම සඳහා විශාල මුදලක් වැය කිරීමට රජයට සිදුවන බවද මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගතහොත් විදේශීය රටවලට එසේ ගලා යන මුදල් නවතාලීමට අවශ්‍ය ගුවන් යානා නිෂ්පාදන කර්මාන්තශාලාවක් මෙරට තුළදී ඇති කිරීමට හැකියාව ලැබෙන බවද පැවැසූ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ පළමු වරට නිෂ්පාදනය කරන ගුවන් යානය ගුවන් හමුදා නියමු පුහුණු කටයුතුවලට හෝ පුද්ගලයන්ගේ විනෝද චාරිකා කටයුතු සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බවය.

මවුබිම

ප‍්‍රතිචාර

ප‍්‍රධාන පුවත්

Facebook



වීඩියෝ

වෙනත් පුවත්

විදෙස් පුවත්

  • wow air

    වාවූ ගුවන්...

    04 Apr, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අයිස්ලන්තයේ වාවූ එයාර් ගුවන් සමාමේ...

  • chairman-jetairways

    අර්බුදයට ලක්වූ...

    31 Mar, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති ඉන්දියානු ජෙට් එයාර්වේස් ගුවන් සමාගමේ...

  • man-missed-ethiopian-airlines-flight

    ඉතියෝපියානු ගුවන්...

    13 Mar, 2019, No comments

    ඉතියෝපියානු ගුවන් සේවයට අයත් යානයක් අනතුරට පත්වීමෙන් සිදුවූ අනතුරේදී...

  • Boeing-737-MAX-8

    බෝයිං 737...

    13 Mar, 2019, No comments

    බෝයිං 737 මැක්ස් වර්ගයේ යානා භාවිතය නතර නොකරන...

විශේෂාංග

  • female-aircraft-engineer-srilankan-airlines-lanka-aviation-news

    ශ්‍රී ලංකාවේ...

    08 Apr, 2019, No comments

    තනියම ගුවන් යානයක් ගෙන ගිය ශ්‍රී ලංකන් ගුවන්...

  • Capture-696x390

    ඇමරිකාවේ ගුවන්යානා...

    01 Apr, 2019, No comments

    දුර්ලභ බෝයිං 747 වර්ගයේ අධි සුඛෝගබෝගී ගුවන් යානයක්...

  • image_6033f02f35

    මරණය දැක...

    16 Mar, 2019, No comments

    පසුගියදා අනතුරට ලක්වුණු ඉතියෝපියානු ගුවන් යානයේ වීඩියෝ රූප...