සිරස්තල
new-engineering training-ratmalana

ලංකාවට එන අලුත්ම හොර ගුවන් ඉංජිනේරු කඩය!

11 Mar, 2019, No comments

මේ දින වල යුරෝපියානු හම්පඩ බෝඩ් ලෑල්ලක් එල්ලා ගනිමින් ලංකාවට එන්න සූදානම් වන අලුත් ගුවන්යානා ඉංජිනේරු කඩයක් පිළිබඳ තොරතුරු ලංකා ඒවිඒෂන් නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට ලැබී ඇත. අලුත් කඩය අළුත් මුහුණුවරකින් Aircraft Structures කෑල්ලත් එල්ලාගෙන පැමිණීමට සූදානම් වන්නේ දැනට ලංකාවේ යන්තමින් හෝ දැනුමක් තිබෙන දරුවකු ගුවන්යානා ඉංජිනේරු පාඨමාලා හදාරන්නට තියා අහලකින්වත් නොයන නිසාවෙනි.

රත්මලාන ප්‍රදේශයේම ආරම්භ කරන්නට සූදානම් වන මෙම නව පාඨමාලා කඩය දැනට ගුවන් ක්ෂේත්‍රය තුළම කටයුතු කරන පුද්ගලයින් කිහිපදෙනකු හවුල්කර ගනිමින් සිදුකිරීමට පිඹුරුපත් සකසමින් සිටී.

ලංකාවේ ගුවන් ඉංජිනේරු රැකියා මෙතරම් හිඟ කාලයකදී තවත් අහිංසක සිසුන් මෙවැනි අමන වැඩ වලින් අනතුරේ හෙලීම කිසිවකුට හෝ අනුමත කළ නොහැක.

අප විසින් හෙලිකරන ලද තොරතුරු වලින් පසුව රත්මලාන ඒෂියන් ඒවිඒෂන් කඩයද මේවන විට සිසුන් හිඟයකින් යන එන මං නොමැතිව සිටින අතර මේ අළුත් කඩය ආරම්භ කිරීමට යන නිලධාරී මහත්වරුන්ට අප කියා සිටින්නේ අහිංසක සිසුදරුවන්ගේ මුදල් සූරා කෑමට සූදානම් වන මුල් අවධියේ සිටම අප සියලුතොරතුරු හෙලිකිරීමට සූදානමින් සිටින බවයි.

ප‍්‍රතිචාර

ප‍්‍රධාන පුවත්

Facebook



වීඩියෝ

වෙනත් පුවත්

විදෙස් පුවත්

විශේෂාංග

  • image_6033f02f35

    මරණය දැක...

    16 Mar, 2019, No comments

    පසුගියදා අනතුරට ලක්වුණු ඉතියෝපියානු ගුවන් යානයේ වීඩියෝ රූප...

  • asian-aviation-centre-lanka-aviation-news

    ඒෂියන් ගුවන්...

    24 Feb, 2019, No comments

    ඒෂියන් ඒවිඒෂන් ගුවන් පුහුණු පාසල (Asian Aviation Centre)...

  • sri-lanka-air-force

    ශ්‍රී ලංකා...

    11 Feb, 2019, No comments

    ගුවන් යානා තාක්ෂණය පිළිබඳව මනා දැනුමක් ඇති ගුවන්...