සිරස්තල
1

කඩාවැටුණු ඉතියෝපියානු යානයේ ගමන් කළ සියලුදෙනා මරුට!

10 Mar, 2019, No comments

අනතුරට ලක් වූ ඉතියෝපියානු ගුවන් සේවයේ බෝයිං 737 (Boeing 737Max) ගුවන් යානයේ සිටි මඟීන් 149 දෙනා සහ  කාර්ය මණ්ඩලයේ 8 දෙනා මිය ගොස් ඇති බව ඉතියෝපියානු ගුවන් සේවය ට්විටර් පණිවුඩයකින් තහවුරු කොට ඇත.

අද (10) උදෑසන මෙම ගුවන් යානය ගුවන් ගත වී විනාඩි අටකට අනතුරට ලක්ව ඇත්තේ ඉතියෝපියාවේ ඇඩිස් අබාබා නගරයේ සිට කෙන්යාවේ නයිරෝබි නුවර දක්වා ගමන් කරමින් සිටින අතරතුරය.

මුදාගැනීමේ මෙහෙයුම් සදහා ගිනි නිවන කණ්ඩායම් මෙන්ම හෙලිකොප්ටර් යානා ද එම ප්‍රදේශයට පිටත්ව ගොස් තිබුණ ද කඩා වැටුණු යානය ගිනිගෙන සම්පුර්ණයෙන්ම විනාශයට පත්වූ බව සිද්ධිය ඇසින් දුටුවෙකු විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

B737 Max-8 වර්ගයේ බෝයිං යානා ගුවනට අලුත් යානා ලෙස සැලකෙන අතර, මේවා වර්ෂ 2016 දී හඳුන්වාදෙනු ලැබීය. එය ඉතියෝපියානු ගුවන් සේවයට එක්ව තිබුණේ පසුගිය වසරේදී බව කියැවෙයි.

2 4

1 2 3 4

 

ප‍්‍රතිචාර

ප‍්‍රධාන පුවත්

Facebook



වීඩියෝ

වෙනත් පුවත්

විදෙස් පුවත්

විශේෂාංග

  • image_6033f02f35

    මරණය දැක...

    16 Mar, 2019, No comments

    පසුගියදා අනතුරට ලක්වුණු ඉතියෝපියානු ගුවන් යානයේ වීඩියෝ රූප...

  • asian-aviation-centre-lanka-aviation-news

    ඒෂියන් ගුවන්...

    24 Feb, 2019, No comments

    ඒෂියන් ඒවිඒෂන් ගුවන් පුහුණු පාසල (Asian Aviation Centre)...

  • sri-lanka-air-force

    ශ්‍රී ලංකා...

    11 Feb, 2019, No comments

    ගුවන් යානා තාක්ෂණය පිළිබඳව මනා දැනුමක් ඇති ගුවන්...