සිරස්තල
asian-aviation-centre-lanka-aviation-news

ඒෂියන් ගුවන් පාසලේ අයාලේ යන ඉංජිනේරු සහ ගුවන්සේවිකා පාඨමාලා!!!

24 Feb, 2019, No comments

ඒෂියන් ඒවිඒෂන් ගුවන් පුහුණු පාසල (Asian Aviation Centre) ලංකාවේ කීර්මත් ආයතනයක් ලෙස කලක පැවතුනද දැන් දැන් එහි තත්වය තුට්ටුවට වැටී ඇති බව එහි අධ්‍යාපනය ලද සිසු සිසුවියන්ම පවසයි. විශාල ධනස්කන්දයක් වියදම් කරමින් මෙම ආයතනයේ පාඨමාලා හදාරණ බොහෝ සිසුන්ට උරුම වන්නේ හෝටල් හෝ වෙනත් රැකියාවන් සඳහා යොමුවීමට බව එහි උගත් සිසුන් පවසයි.

පාඨමාලාවන් සඳහා බඳවාගැනීමේදී පොරොන්දු රැසක් ලබා දුන්නද අවසානයේ ඒෂියන් පාසල සිය මනස යොමුකරන්නේ පාඨමාලා ගාස්තු පමණක් ලබාගැනීමට වීම කණගාටුවට කරුණකි. නිසි ප්‍රමිතියකට සිසු අත්පොත් ලබා නොදීම මෙන්ම ප්‍රායෝගික පුහුණු අවස්ථා සඳහා සම්මත පහසුකම්ද නොමැති වීම ඔවුන්ගේ ප්‍රාථමික දුර්වලතාවයකි.

අසාර්ථක ගුවන්සේවිකා පුහුණු පාඨමාලාව

රැල්ලට මුදල් ගරා ගැනීමේ අරමුණින් ඒෂියන් ආයතනය හඳුන්වාදුන් නවතම පාඨමාලාව වන්නේ ගුවන්සේවිකා පුහුණු පාඨමාලාවයි. නමුත් ඒ සඳහා මේවන විට කණ්ඩායම් 03ක් බඳවාගෙන ඇති මුත් රැකියාවකට තියා සම්මුඛ පරීක්ෂණයකට හෝ ගිය සිසුවෙක් නැත. සමාජජාලා ඔස්සේ මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ලවී ඇති අතර ඉන් සිසුවකු පවසා ඇත්තේ සම්මුඛ පරීක්ෂණ සඳහා කාලයක් තිස්සේ අදාල පාඨමාලා සිසුන් පුහුණු කලද කිසිදු සම්මුඛ පරීක්ෂණයක හතර මායිමේ ගෙන නොමැති බවකි.

blur aac

සමාජ ජාලා ගැටළු වලට පිලිතුරු නොදී බ්ලොක් කිරීම

දුර බැහැරින් පැමිණ පාඨමාලාවන් හැදෑරූ පිරිස් මෙම පුහුණු පාසලේ සමාජ මාධ්‍ය ඔස්සේ ගැටළුවක් යොමුකර සැනින් ඔවුන්ව අවහිර (Block) කිරීමටත් නැවත එම පිටුව වෙත යලි යොමුවීමට ඇති හැකියාව (Ban) පවා අහිමි කිරීමට කටයුතු කිරීම ලැජ්ජා සහගතය.

දක්ෂ පුහුණුකරුවන් පාසල හැරයාම

දරුවන්ට විශාල බලාපොරොත්තු ලබා දෙමින් මුදල් පමණක් ලබාගැනීම උත්සාහ ගැනීම නොරිස්සූ මෙම පාසල සතුව සිටි ඉතා දක්ෂ පුහුණු උපදේශකවරුන් කිහිපදෙනකු පසුගිය කාලය පුරාවට පාසල හැරයාමද මෙම කඩා වැටීමට හේතුවී ඇති බව සිසුන් පවසයි.

ගුවන් ඉංජිනේරු සිසුන් අනාථයි!

ලංකාව තුල කුමන හෝ ගුවන්සේවා පුහුණුවකින් යා හැකි ප්‍රමුඛතම ස්ථානය වන්නේ ශ්‍රීලංකන් ගුවන් සමාගමයි. නමුත් ඔවුන්ද මේ වන තම පුහුණු පාසලේ පාඨමාලා හැදෑරූ සිසුනට පමණක් අන්තර් පුහුණු (OJT – On the Job Training) ලබාදීමට කටයුතු කරන අතර පසුගිය වසර කිහිපය තුළ ඒෂියන් ආයතනයේ සිසුන් කිසිවකුටහෝ එවැනි අවස්ථාවක් ලබාදී නැත. මෙම ඉංජිනේරු සිසුන්ට පුළුල් බඳ සහිත ගුවන්යානාවන් හි පුහුණුව නොමැතිව කිසිදු රැකියාවක් සඳහා යා නොහැක. එම පුහුණුව ලබා දෙන ශ්‍රීලංකන් ආයතනය ද ඒෂියන් සිසුන් ප්‍රතික්ෂේප කිරීමෙන් වන්නේ මෙම සිසුන් තවත් අසරණ වීමයි. මේ කිසිදු සත්‍ය තොරතුරක් ඒ වෙත පැමිණෙන සිසුන්ට ලබානොදෙන ඒෂියන් ආයතනය සිසුන් බඳවා ගෙන මුදල් ඩැහැ ගැනීමේ කාලකණ්ණි ආසාවෙන් පවසන්නේ ගුවන්සේවා කර්මාන්තයේ ඕනතරම් රැකියා ඇති බවයි. ඕනෑ තරම් තියා එහි කම්කරු රැකියාවක් හෝ මේවන විට නොමැති බව පරිපාලකයින් දන්නා නමුත් සත්‍ය වසන් කිරීම කණගාටුවට කරුණකි.

ලෝකයේ කෙතරම් රැකියා තිබුණද ලංකාවේ තත්වය එයට ඉඳුරාම වෙනස්ය. මේ දිනවල පරිහාණියට යමින් ඇති ශ්‍රීලංකන් ගුවන් සමාගම සේවකයින් බඳවා ගැනීමට වඩා ඔවුන් සිතන්නේ ඉන්න වැඩි පිරිස ඉවත් කරගන්නා ක්‍රමවේදයක් පිළිබඳවය.


ලංකා ඒවිඒෂන් නිව්ස් අපි දකින යථාර්තය නම් ඔබට මුදල් යහමින් තිබේ නම් හෝ  ගුවන්සේවා කර්මාන්තයේ ප්‍රධානීන් සමග සමීප සබඳතා ඇති නම් පමණක් මෙවැනි පාඨමාලා තෝරා ගැනීම සුදුසු බවයි. නැතහොත් වන්නේ අහිංසක දෙමාපියන් රැයක් දවාලක් නොමැතිව ඉපයූ මුදල් ගඟට කැපූ ඉනි මෙන් නාස්ති වී යාමයි.

විශාල මුදලක් යටකරමින් ගුවන්සේවා පාඨමාලා හැදෑරූ දරුවන්ට වෙන රැකියාවක් සොයා ගැනීමද පහසු නැති බව මෙහිදී සඳහන් කළ යුතුය. එවැනි තත්වයක් තිබියදීත් දුර බැහැර දරුවනට වෘත්තීය මාර්ගෝපදේශන යයි කියමින් සිහින බලාපොරොත්තු රාශියක් ලබාදී ඔවුන් අතරමං කිරීම වැරැද්දක් පමණක් නොව සමාව නොලැබෙන පාපකර්මයකි.

අපිට කාලයක් පුරාවට සිසුන් සහ දෙමාපියන් කිහිපදෙනකු කිසිදු සරණක් නොමැතිව එකම දුක්ගැනවිල්ල අප වෙත යොමු කොට තිබූ අතර ඔවුනට සාධාරණයක් කිරීමේ අරමුණින් මෙය සකස් කළෙමු. අපට කිසිදු ආයතනයක් සමග හෝ පෞද්ගලික ගැටළු නොපවතින අතර මහජනතාවගේ පැත්තේ සිට සත්‍ය කතා කිරීමට අප කිසි විටෙකත් මැලි නොවන්නෙමු.

 

 

ප‍්‍රතිචාර

ප‍්‍රධාන පුවත්

Facebook



වීඩියෝ

වෙනත් පුවත්

විදෙස් පුවත්

  • wow air

    වාවූ ගුවන්...

    04 Apr, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අයිස්ලන්තයේ වාවූ එයාර් ගුවන් සමාමේ...

  • chairman-jetairways

    අර්බුදයට ලක්වූ...

    31 Mar, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති ඉන්දියානු ජෙට් එයාර්වේස් ගුවන් සමාගමේ...

  • man-missed-ethiopian-airlines-flight

    ඉතියෝපියානු ගුවන්...

    13 Mar, 2019, No comments

    ඉතියෝපියානු ගුවන් සේවයට අයත් යානයක් අනතුරට පත්වීමෙන් සිදුවූ අනතුරේදී...

  • Boeing-737-MAX-8

    බෝයිං 737...

    13 Mar, 2019, No comments

    බෝයිං 737 මැක්ස් වර්ගයේ යානා භාවිතය නතර නොකරන...

විශේෂාංග

  • female-aircraft-engineer-srilankan-airlines-lanka-aviation-news

    ශ්‍රී ලංකාවේ...

    08 Apr, 2019, No comments

    තනියම ගුවන් යානයක් ගෙන ගිය ශ්‍රී ලංකන් ගුවන්...

  • Capture-696x390

    ඇමරිකාවේ ගුවන්යානා...

    01 Apr, 2019, No comments

    දුර්ලභ බෝයිං 747 වර්ගයේ අධි සුඛෝගබෝගී ගුවන් යානයක්...

  • image_6033f02f35

    මරණය දැක...

    16 Mar, 2019, No comments

    පසුගියදා අනතුරට ලක්වුණු ඉතියෝපියානු ගුවන් යානයේ වීඩියෝ රූප...