සිරස්තල
113518-esfrkudslf-1550669578

එයාර්බස් සමාගමේ A380 ගුවන් යානය අසාර්ථක වීමට හේතු

20 Feb, 2019, No comments

සිංගප්පූරු ගුවන් සමාගම සිය පළමු වෙළෙඳ ගුවන් ගමන සඳහා A380 නමැති සුපිරි ‘ජම්බෝ’ ගුවන් යානය යොදා ගැනීමත් සමග ගුවන් ගමන් ක්ෂේත්‍රයේ අනාගතය උදා වී ඇතැයි බලාපොරොත්තු පළවිය.

එහෙත්, නිෂ්පාදනය සඳහා ගත වන කාලය වැඩි වීම, අධික වියදම ආදී කරුණු හේතුවෙන් එය ගුවන් තලයේ සුදු අලියෙකු බවට පත් වනු ඇතැයි පළ වූ අවධානය අසත්‍ය බව සනාථ කිරීමට එය සමත් නොවීය.

ඇත්තෙන්ම “අහසේ හෝටලය” යනුවෙන් හැඳින්වූ ලොව විශාලතම මගී ගුවන් යානය නිෂ්පාදනය කර වසර 12කට පසු අසාර්ථක වූයේ ඇයි?

එයාර්බස් සමාගමේ නිෂ්පාදනයක් වූ A380 ගුවන් යානය, ඇමෙරිකාවේ බෝයිං සමාගම නිපදවූ විශාල ගුවන් යානා වෙළෙඳ පොළට අභියෝගයක් විය.

එයාර්බස් සමාගම අතිවිශාල ගුවන් යානා නිපදවීම කෙරෙහි අවධානය යොමු කර සිටියදී, බෝයිං සමාගම 787 ඩ්‍රීම්ලයිනර් වැනි තරමක් කුඩා ගුවන් යානා වැඩි දියුණු කිරීමේ නිරතව සිටියේය.

මගීන් 550කට වඩා රැගෙන යා හැකි නාවික සැතපුම් 8000ක් ඉක්මවිය හැකි A380 ගුවන් යානා වැඩි අවධානයක් යොමු කළේ, ආසියා සහ මැද පෙරදිග කලාපය කෙරෙහිය.

මත්පැන් හල්, රූපලාවණ්‍යාගාර සහ ඩියුටි ෆ්‍රී සාප්පු පවා පවත්වාගෙන යාම සඳහා එම ගුවන් යානා තුළ ප්‍රමාණවත් ඉඩ කඩ තිබිණ.

මුල් කාලයේ එම ගුවන් යානා සඳහා එමිරේට්ස් ඇතුළු ගුවන් සමාගම්වලින් ඇණවුම් රැසක් ලැබුණ ද, පසුව ඒ සඳහා පැවති ඉල්ලුම අඩු වූ අතර එය ලාභ නොලබන ව්‍යාපෘතියක් බවට පත් විය.

පසුගිය ජනවාරි මාසය වන විට එයාර්බස් සමාගමේ මගී ප්‍රවාහන ගුවන් යානා සඳහා ඇණවුම් 313ක් ලැබී තිබුණු අතර ඉන් 234ක් භාර දී තිබිණි.

එම ව්‍යාපෘතියේ ඉලක්කය වී තිබුණේ, ගුවන් යානා 700ක් අලෙවි කිරීමය.

මහල් දෙකකින් සමන්විත එම ගුවන් යානා මගීන් අතර ජනප්‍රිය වුව ද, ගුවන් සමාගම්වලට පෙනීගොස් ඇත්තේ, එය අසාර්ථක බවය.

ඇතැමෙකු පවසන්නේ, A380 ගුවන් යානය අතිවිශාල හෙයින් ආසන රැසක් හිස්ව ගුවන් ගමන් යාම නිසා ඉන් ලාභ ඉපයිය නොහැකි බවය. බ්‍රිටිෂ් එයාවේස් සමාගමේ මව් සමාගම වන අයිඒජී සමාගමේ ප්‍රධානී විලී වෝල්ෂ් පැවසුවේ, එම ගුවන් යානය හොඳ වුවත් මිල අධික බවය.

ඉන්ධන මිල ඉහළ යාම සහ ගුවන් යානාවලින් පරිසරයට එල්ල වන බලපෑම සැලකිල්ලට ගෙන ඇතැම් ගුවන් සමාගම් බෝයිං සහ එයාර්බස් සමාගම්වල කුඩා එහෙත් වඩාත් කාර්යක්ෂම ගුවන් යානා කෙරෙහි යොමු වී තිබේ.

2005 වසරේ සිට එමිරේට්ස්, වර්ජින් ඇට්ලැන්ටික් වැනි ගුවන් සමාගම් විසින් A380 ගුවන් යානා ඇණවුම් 57ක් ප්‍රතික්ෂේප කර තිබේ.

බීබීසී සිංහල

ප‍්‍රතිචාර

ප‍්‍රධාන පුවත්

Facebook



වීඩියෝ

වෙනත් පුවත්

විදෙස් පුවත්

  • wow air

    වාවූ ගුවන්...

    04 Apr, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අයිස්ලන්තයේ වාවූ එයාර් ගුවන් සමාමේ...

  • chairman-jetairways

    අර්බුදයට ලක්වූ...

    31 Mar, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති ඉන්දියානු ජෙට් එයාර්වේස් ගුවන් සමාගමේ...

  • man-missed-ethiopian-airlines-flight

    ඉතියෝපියානු ගුවන්...

    13 Mar, 2019, No comments

    ඉතියෝපියානු ගුවන් සේවයට අයත් යානයක් අනතුරට පත්වීමෙන් සිදුවූ අනතුරේදී...

  • Boeing-737-MAX-8

    බෝයිං 737...

    13 Mar, 2019, No comments

    බෝයිං 737 මැක්ස් වර්ගයේ යානා භාවිතය නතර නොකරන...

විශේෂාංග

  • female-aircraft-engineer-srilankan-airlines-lanka-aviation-news

    ශ්‍රී ලංකාවේ...

    08 Apr, 2019, No comments

    තනියම ගුවන් යානයක් ගෙන ගිය ශ්‍රී ලංකන් ගුවන්...

  • Capture-696x390

    ඇමරිකාවේ ගුවන්යානා...

    01 Apr, 2019, No comments

    දුර්ලභ බෝයිං 747 වර්ගයේ අධි සුඛෝගබෝගී ගුවන් යානයක්...

  • image_6033f02f35

    මරණය දැක...

    16 Mar, 2019, No comments

    පසුගියදා අනතුරට ලක්වුණු ඉතියෝපියානු ගුවන් යානයේ වීඩියෝ රූප...