සිරස්තල
_98080780_capture

එකම මොහොතේ ගුවන් යනා ගොඩ බස්වමින් උපන් දවසේ ගුවනින් විශ්‍රාම ගිය නිවුන් සහෝදර ගුවන් නියමුවන් දෙදෙනා

03 Oct, 2017, No comments

නිවුන් සහෝදරයන් වන ගුවන් නියමුවන් දෙදෙනෙකු එකම මොහොතක සිය ගුවන් යානා ගොඩ බස්සවමින් රැකියාවෙන් විශ්‍රාම ගත් පුවතක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වේ.

සිය 60 වෙනි උපන්දිනය යෙදී තිබූ බ්‍රහස්පතින්දා (සැප් 28) ජෙරමි හාට් සහ නික් හාට් යන කපිතාන්වරු තත්පර 30 කාල පරතරයක් තුළ සිය ගුවන් යානා දෙක ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපල වෙත ගොඩ බැස්වූහ.සිය සොහොයුරා සමග එකම මොහොතක විශ්‍රාම ගැනීම, “සමුගැනීමට ඇති හොඳම මග” ලෙස බෙඩ්ෆොඩ්ෂයර් පළාතේ වෙසෙන කපිතාන් ජෙරමි හඳුන්වයි.

ඒ පිළිබඳ අදහස් දක්වමින් ඔක්ස්ෆර්ඩ්ෂයර් පළාතේ වෙසෙන කපිතාන් නික් කියා සිටියේ “සෑම ගුවන් යානයකට වගේම නියමුවෙකුටත් අවසන් ගමනාන්තයක් තිබෙන” බවය. හාට් සොහොයුරන් විසින් ගුවනේ ගත කරනු ලැබ ඇති කාලය ගුවන් පැය 45,000 කි.

_98080784_mediaitem98080783

ප‍්‍රතිචාර

ප‍්‍රධාන පුවත්

Facebook



වීඩියෝ

වෙනත් පුවත්

විදෙස් පුවත්

විශේෂාංග