සිරස්තල
boeing crash

ඉන්දුනීසියානු ගුවන්යානයක් මුහුදට කඩා වැටී 189කු මරුට!

30 Oct, 2018, No comments

ඉන්දුනීසියාවේ අභ්‍යන්තර ගුවන් සේවයට අයත් බජට් ගුවන් යානයක්, ගුවන් ගත කිරීමෙන් විනාඩි කිහිපයක් ඇතුළත මුහුදට කඩා වැටී ඇති අතර, එහි සිටි මගීන් හා කාර්ය මණ්ඩලයේ 189 දෙනාම මිය ගොස් ඇතැයි විශ්වාස කරන බව අලුත්ම වාර්තාවල සඳහන් වේ.

එයින් තිදෙනෙක් දරුවන් ය.

ඉන්දුනීසියාවේ මුදල් අමාත්‍යාංශයේ 20 දෙනෙක් ද ගුවන් යානයේ සිටි බව තහවුරු වෙයි.

මෙම ගුවන් යානය ජකර්තා අගනුවර සිට සුමාත්‍රා දූපත් බලා පියාසර කිරීමට නියමිතව තිබිණි.

ලයන් එයා බජට් ගුවන් සේවයට අයත් මෙම යානය, ගුවන් ගත කර විනාඩි 13කට පසු එහි සන්නිවේදන සබඳතා බිඳ වැටී තිබිණි. එම අවස්ථාව වනවිට ගුවන් යානය වේගය වැඩි කරමින් තිබූ නමුත් සීඝ්‍රෙයන් පහළට කඩා වැටෙමින් තිබූ බව අවසන් සන්නිවේදනය අනුව පැහැදිලි වේ.

මේ අතර ඉන්දුනීසියානු මුහුදට ගුවන් යානය කඩා වැටෙන්නට ඇතැයි සැක කරන ස්ථානයේ මීටර 30-40 ක් ගැඹුරින් ගමන් මළු, ජංගම දුරකථන කොටස් සහ ගුවන් යානා කොටස් හමු වී තිබේ.

අනතුරට පත් ගුවන් යානය CFM LEAP-1B එන්ජින් දෙකකින් බලය ලබා තිබූ අතර, එම එන්ජින් මේ වසරේ අගෝස්තුවේ ලබාදුන් ඒවා බව ද වාර්තා වේ.

ප‍්‍රතිචාර

ප‍්‍රධාන පුවත්

Facebook



වීඩියෝ

වෙනත් පුවත්

විදෙස් පුවත්

  • wow air

    වාවූ ගුවන්...

    04 Apr, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අයිස්ලන්තයේ වාවූ එයාර් ගුවන් සමාමේ...

  • chairman-jetairways

    අර්බුදයට ලක්වූ...

    31 Mar, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති ඉන්දියානු ජෙට් එයාර්වේස් ගුවන් සමාගමේ...

  • man-missed-ethiopian-airlines-flight

    ඉතියෝපියානු ගුවන්...

    13 Mar, 2019, No comments

    ඉතියෝපියානු ගුවන් සේවයට අයත් යානයක් අනතුරට පත්වීමෙන් සිදුවූ අනතුරේදී...

  • Boeing-737-MAX-8

    බෝයිං 737...

    13 Mar, 2019, No comments

    බෝයිං 737 මැක්ස් වර්ගයේ යානා භාවිතය නතර නොකරන...

විශේෂාංග

  • female-aircraft-engineer-srilankan-airlines-lanka-aviation-news

    ශ්‍රී ලංකාවේ...

    08 Apr, 2019, No comments

    තනියම ගුවන් යානයක් ගෙන ගිය ශ්‍රී ලංකන් ගුවන්...

  • Capture-696x390

    ඇමරිකාවේ ගුවන්යානා...

    01 Apr, 2019, No comments

    දුර්ලභ බෝයිං 747 වර්ගයේ අධි සුඛෝගබෝගී ගුවන් යානයක්...

  • image_6033f02f35

    මරණය දැක...

    16 Mar, 2019, No comments

    පසුගියදා අනතුරට ලක්වුණු ඉතියෝපියානු ගුවන් යානයේ වීඩියෝ රූප...