සිරස්තල
SLAA-IAA in Mattala joint venture - PM

ඉන්දියාව එක්ක එකතු වෙලා මත්තලටත් ගුවන් යානා ගේනවා!

27 Mar, 2019, No comments

ඉදිරි මාස තුන ගතවීමට පෙර මෙරට සිවිල් ගුවන් සේවා අධිකාරියත්, ඉන්දියාවත් එක්ව මත්තල ගුවන් තොටුපොළ ක්‍රියාත්මක කරන තත්ත්වයට පත්කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අගමැතිවරයා මේ බව සඳහන් කළේ අද(24) හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ නව තෙල් පිරිපහදුවට සහ නව සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලවට මුල් ගල් තැබීමේ උත්සව සභාව අමතමිනි.

2017 වසරේ ජනවාරි 07 හම්බන්තොටට පැමිණි අවස්ථාවේ ගල් ගැසුවද මේ වන විට හම්බන්තොටට ක්‍රියා කරන වරායක් හිමිවී ඇති බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

මේ වන විට LNG විදුලි බලාගාරයක් වෙනුවෙන් චීන සමාගමක් අනුමැතිය ලබාගෙන ඇති අතර ඉදිරියේදී හම්බන්තොට ප්‍රදේශයේ එම LNG බලාගාරය ඉදිකිරීමට නියමිත බවයි හෙතෙම කියාසිටියේ.

එමෙන්ම 1967 සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආරම්භ කිරීමෙන් පසු දෙවන තෙල් පිරිපහදුව ආරම්භ වන්නේ දැන් බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වාදුන්නේ.

එමෙන්ම සියලු අංශ වලින් ජනතාව ශක්තිමත් කිරීම ආණ්ඩුවේ අරමුණ බව රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

මේ අනුව රුහුණේ ආර්ථිකයේ පරිවර්තන කේන්ද්‍රස්ථානය හම්බන්තොට බවට පත්කරන බවයි හෙතෙම අවධාරණය කළේ.

“2015 දී මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා අපි හම්බන්තොටට පැමිණෙන විට මෙහි වරාය හිස් වරායක් ලෙසයි තිබුණේ. ඒ වගේම මත්තල ගුවන් තොටුපොළේ ගුවන් යානා වෙනුවට සිටියේ මොණරුන් පමණයි. ක්‍රිකට් ක්‍රීඩා නොමැති ක්‍රිකට් ක්‍රීඩාංගණ,සම්මන්ත්‍රණ නොමැති සම්මන්ත්‍රණ ශාලා, අඩක් ඉදිකර නතර කරන ලද මහා මාර්ග ආදී සුදු අලින් විශාල ප්‍රමාණයක් හම්බන්තොට ඉදිකර තිබුණා. වල් අලින් යාල වනෝද්‍යානයේ සිටින විට සුදු අලි සිටියේ හම්බන්තොටයි.”

කෙසේවෙතත් දැන් හම්බන්තොට පෙරහැරේ යන අලි සිටින තැනක් බවට පත්කර ඇතැයි අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ප‍්‍රතිචාර

ප‍්‍රධාන පුවත්

Facebook



වීඩියෝ

වෙනත් පුවත්

විදෙස් පුවත්

  • wow air

    වාවූ ගුවන්...

    04 Apr, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අයිස්ලන්තයේ වාවූ එයාර් ගුවන් සමාමේ...

  • chairman-jetairways

    අර්බුදයට ලක්වූ...

    31 Mar, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති ඉන්දියානු ජෙට් එයාර්වේස් ගුවන් සමාගමේ...

  • man-missed-ethiopian-airlines-flight

    ඉතියෝපියානු ගුවන්...

    13 Mar, 2019, No comments

    ඉතියෝපියානු ගුවන් සේවයට අයත් යානයක් අනතුරට පත්වීමෙන් සිදුවූ අනතුරේදී...

  • Boeing-737-MAX-8

    බෝයිං 737...

    13 Mar, 2019, No comments

    බෝයිං 737 මැක්ස් වර්ගයේ යානා භාවිතය නතර නොකරන...

විශේෂාංග

  • female-aircraft-engineer-srilankan-airlines-lanka-aviation-news

    ශ්‍රී ලංකාවේ...

    08 Apr, 2019, No comments

    තනියම ගුවන් යානයක් ගෙන ගිය ශ්‍රී ලංකන් ගුවන්...

  • Capture-696x390

    ඇමරිකාවේ ගුවන්යානා...

    01 Apr, 2019, No comments

    දුර්ලභ බෝයිං 747 වර්ගයේ අධි සුඛෝගබෝගී ගුවන් යානයක්...

  • image_6033f02f35

    මරණය දැක...

    16 Mar, 2019, No comments

    පසුගියදා අනතුරට ලක්වුණු ඉතියෝපියානු ගුවන් යානයේ වීඩියෝ රූප...