සිරස්තල
Capture-696x390

ඇමරිකාවේ ගුවන්යානා ඇති ලංකාවේ ව්‍යාපාරිකයා!

01 Apr, 2019, No comments

දුර්ලභ බෝයිං 747 වර්ගයේ අධි සුඛෝගබෝගී ගුවන් යානයක් අැමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු විසින් වෙළෙද පොලට එක් කර තිබේ.

ඔහු  ඇමරිකා එක්සත් ජනපදයේ සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරික CSDS ආයතනයේ සභාපති බෙනඩික් සිරිමාන්න ය.

ඩොලර් මිලියන 6-9ත් අතර මිලකට විකිණිමට බලාපොරොත්තු වන වන මෙම යානයේ අැතුළත මාලිගාවක් මෙන් ය. අයිතිකරුට වෙන්වු ප්‍රධාන නිදන කාමරයක්, නානකාමරයක් සහ විවේකාගාරයක් ඇති එහි දැවමය මේස වලින් සමන්විත සම්මන්ත්‍රණ ශාලාවක් ද රත්‍රන් ආලේපිත අංග උපාංග ද සමන්විත ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සදහන් කර ඇත්තේ මෙසේ ය.
“මේ වර්ගයේ ගුවන් යානයක් පවත්වාගෙන යාම සදහා පැයකට අැමරිකානු ඩොලර් 1200ක් පමණ වැය වන අතර ගුවන් යානය රදවාතබා ගැනීම සදහා මසකට ඩොලර් මිලියන 35000ක් පමණ වැය වන බව ඔහු සදහන් කළේ ය.
වාර්ෂිකව ගාල්කිරීමේ ගාස්තු, රක්ෂණ ගාස්තු, සේවක මණ්ඩල වියදම් සහ වෙනත් වියදම් සදහා ඩොලර් මිලියනයකට වඩා වැය වන බව ද ඔහු සදහන් කළේ ය.

එමෙන්ම CSDS අායතනය අති විශේෂ පුද්ගලයින් පරිහරණය කරන වර්ගයේ බෝයිං 767-200ER යානයක් සෞදි රාජකීය පවුලේ සාමාජිකයෙකු විසින් මිලදී ගෙන රැප් සංගීතඥ Drakeට විකුණා තිබේ.

මේ හැරුණු විට සිරිමාන්න මහතාගේ සමාගම සතුව මේ වන විට වාණිජ ගුවන් යානා 12ක් පවතී. 2003 වසරේ සිට CSDS ආයතනය මේ දක්වා ගුවන් යානා 150ක් පමණ මිලට ගෙන විකුණා තිබෙන අතර එහි වාණිජ සහ ව්‍යාපාරික ජෙට් වර්ග ද පවතී.

මෙම 747 ගුවන් යානය ඉතා සුවිශේෂි වන අතර මෙවැනි ගුවන් යානා ඇත්තේ ලෝකයටම 10ක් පමණි. සිරිමාන්න මහතා මෙය මිලදී ගෙන ඇත්තේ කටාර් රාජ්‍යයේ වයෝවෘද්ධ එමීර්වරයෙකු විසින් වන අතර 1995 දී එය ඩොලර් මිලියන 70ක් වැය කර VIP යානයක් බවට පත්කර තිබේ. – bizmag.lk

ප‍්‍රතිචාර

ප‍්‍රධාන පුවත්

Facebook



වීඩියෝ

වෙනත් පුවත්

විදෙස් පුවත්

  • wow air

    වාවූ ගුවන්...

    04 Apr, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අයිස්ලන්තයේ වාවූ එයාර් ගුවන් සමාමේ...

  • chairman-jetairways

    අර්බුදයට ලක්වූ...

    31 Mar, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති ඉන්දියානු ජෙට් එයාර්වේස් ගුවන් සමාගමේ...

  • man-missed-ethiopian-airlines-flight

    ඉතියෝපියානු ගුවන්...

    13 Mar, 2019, No comments

    ඉතියෝපියානු ගුවන් සේවයට අයත් යානයක් අනතුරට පත්වීමෙන් සිදුවූ අනතුරේදී...

  • Boeing-737-MAX-8

    බෝයිං 737...

    13 Mar, 2019, No comments

    බෝයිං 737 මැක්ස් වර්ගයේ යානා භාවිතය නතර නොකරන...

විශේෂාංග

  • female-aircraft-engineer-srilankan-airlines-lanka-aviation-news

    ශ්‍රී ලංකාවේ...

    08 Apr, 2019, No comments

    තනියම ගුවන් යානයක් ගෙන ගිය ශ්‍රී ලංකන් ගුවන්...

  • Capture-696x390

    ඇමරිකාවේ ගුවන්යානා...

    01 Apr, 2019, No comments

    දුර්ලභ බෝයිං 747 වර්ගයේ අධි සුඛෝගබෝගී ගුවන් යානයක්...

  • image_6033f02f35

    මරණය දැක...

    16 Mar, 2019, No comments

    පසුගියදා අනතුරට ලක්වුණු ඉතියෝපියානු ගුවන් යානයේ වීඩියෝ රූප...